Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටෙන්ඩර් 400ක් ඖෂධ සංස්ථාවේ හිරවෙලා..

  සාමාන්‍ය පටිපාටිය යටතේ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් හාරසියයක් (400) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සිරවී ඇති බව ඊයේ (12) අනාවරණය විය. ඒ සෞඛ්...

 

සාමාන්‍ය පටිපාටිය යටතේ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් හාරසියයක් (400) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සිරවී ඇති බව ඊයේ (12) අනාවරණය විය.

ඒ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ජාවකදී ය. 

2020 වර්ෂයේ සිට මේ දක්වා කැඳවන ලද ටෙන්ඩර් මෙලෙස සිරවී ඇති අතර ඇතැම් ටෙන්ඩර් වෛද්‍යවරුන්ගේ විද්‍යාතනවලින් මෙතෙක් අනුමැතිය ලබා නොදීම නිසා සිරවී ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. 

තවද පිළිකා ඖෂධ හැත්තෑදෙකක (72) හිඟයක් පවතින අතර ඒවා කඩිනමින් මිලදී ගැනීමට මෙහිදී තීන්දු කෙරිණි. ඒ සඳහා අවශ්‍ය තාවකාලික අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට මෙහිදී දැනුම් දුන්නේය

No comments

Ads Place