Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චැනල් 4 වීඩියෝව ගැන බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයෙන් විමර්ශනයක්..

  චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය...

 

චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව පසුගිය දා වීඩියෝ පටයක් නිකුත් කළ අතර එයින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාට ද චෝදනාවක් එල්ල කර තිබුණි.

තමන් විසින් මීට පෙර එම චෝදනාවලට සාක්ෂි සහිතව නිසි පිළිතුරු ලබාදී තිබියදීත් චැනල් 04 නාළිකාව විසින් සිතාමතා තමාව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බවට සුරේෂ් සලෙයි මහතා විසින් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දී ඇත.

ඒ අනුව  අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් දැනුම්දුන් බව රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතාගේ නීතීඥ පසන් වීරසිංහ මහතා  සඳහන් කළේය.

නීතීඥ පසන් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ වීඩියෝ පටය නිකුත් කිරීමට පෙර චැනල් 4 නාළිකාව පසුගිය අගෝස්තු මස 07 වනදා සුරේෂ් සලෙයි මහතාගෙන් එම චෝදනා පිළිබඳව කරුණු විමසීමක් සිදුකර තිබූ බවය.

එමෙන්ම  එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර තමන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ද රැඳී නොසිටි බවට ද සුරේෂ් සලෙයි මහතා විසින් ඊට පසුදිනම එම නාළිකාවට ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති බව නීතීඥ පසන් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments

Ads Place