වැඩ බැලීම සදහා පත්කරන ලද වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහගේ පුද්ගලික අභිලාෂය මත වරාය පරිශ්‍රයේ තිබූ ඕලන්ද යුගයට ...
වැඩ බැලීම සදහා පත්කරන ලද වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහගේ පුද්ගලික අභිලාෂය මත වරාය පරිශ්‍රයේ තිබූ ඕලන්ද යුගයට අයත් වසර 350ක් පැරණි ගැසට් කරනු ලැබූ පුරාවිද්‍යා ස්මාරකයක් වන පෞරාණික ඕලන්ද බඩු ගබඩාව මේ වනවිට කඩාදමමින් විනාශ කර ඇත.
රටේ සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් අනීතිකව විනාශ කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වුවද රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් පුරාවිද්‍යා ස්මාරකයක් විනාශ කළ ලංකා ඉතිහාසයේ පළමු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය වේ.
පසුගියදා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව දේශපාලන පත්වීමක් ලෙස වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ පත් කර ඇත.
No comments