2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාළිකාවට රාජපක්ෂවරුන් සමග ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඊයේ පාර්ල...
2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාළිකාවට රාජපක්ෂවරුන් සමග ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
චැනල් 4 නාළිකාව විසින් නිකුත් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වීඩියෝ පටය නිෂ්පාදනය කිරීමේදී, එහි විශ්වසනීයත්වයක් තිබේ නම් එය ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඉවත් කළේ මන්දැයි මන්ත්‍රිවරයා එහිදී ප්‍රශ්න කළේය.
චැනල් 4 නාළිකාවේ නවතම වීඩියෝ පටය ත්‍රස්තවාදීන් තුරන් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට හෝ කාගේ හෝ දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමේ තවත් උත්සාහයක් විය හැකි බවද ඔහු පැවසීය.
“2009 යුද්ධය අවසන් කළාට පස්සේ චැනල් 4 එකට මගේ පවුලත්, මගේ තාත්තාත්, රාජපක්ෂ නමත් එක්ක ඉතිහාසගත තරහක් තියෙනවා. එදා ඉඳන් රාජපක්ෂලාට විරුද්ධව වීඩියෝ නිකුත් කරනවා. චැනල් 4 මාධ්‍ය ආයතනයක් විදියට නෙවෙයි මම දකින්නේ, වීඩියෝ නිෂ්පාදන ආයතනයක් විදිහට” යැයි මන්ත්‍රිවරයා සඳහන් කළේය.
No comments