රටේ ජනතාව ජීවත් වීමට නොහැකි නිසා රුපියල් කෝටි 19,000ක රන් භාණ්ඩ පසුගිය මාස 08 තුළ උකස් කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්ක...
රටේ ජනතාව ජීවත් වීමට නොහැකි නිසා රුපියල් කෝටි 19,000ක රන් භාණ්ඩ පසුගිය මාස 08 තුළ උකස් කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කරයි.
පවුල් ලක්ෂ 11ක් නිවසේ තිබූ භාණ්ඩ විකුණා ඇති බවට හෙළිව ඇති බවත් තම නිවෙස්වල තිබූ මාරු කාසි මුදල් කැට ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් බැංකු වලට රැගෙන ගොස් ඇති බවද කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කරයි.
රටේ ජනතාව ආර්ථික අර්බුදය හමුවේ ජීවත් වීම සදහා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව මෑතකදී සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකින් හෙළි වු බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වසන්ත සමරසිංහ සඳහන් කරයි.
No comments