පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ජනගහනයෙන් මිලියන 12.3 ක්, බහුමාන අවදානමකට [multidimensional vulnerability] මුහුණ දී සිටින බව, එක්සත් ...
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ජනගහනයෙන් මිලියන 12.3 ක්, බහුමාන අවදානමකට [multidimensional vulnerability] මුහුණ දී සිටින බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසයි.
මින් මිලියන 10.13 ක්, උතුර, නැගෙනහිර සහ උතුරුමැද යන පලාත්වන ජීවත් වන ජනතාවයි. ජනගහනයෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් බහුමාන අවදානමකට මුහුණ දී ඇත්තේ, පවතින ආර්ථික අර්බුදය සමග, ජනතාව සතු අඩු අධ්‍යාපනය, ණය බර සහ හදිසි තත්ත්වයන්ට මුහුණ දීමේ නොහැකියාව එකට අත්වැල් බැදගෙන ඇති බැවිනි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සහ Oxford’s Poverty and Human Development Initiative (OPHI) විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
පවුල් ඒකක විසිපන්දහසක් යොදා ගනිමින් අදාල සමීක්ෂණය ඔවුන් විසින් සිදු කර තිබෙන බව වාර්තා වේ.
බහුමාන අවදානම් දර්ශකයේ ඉහළින්ම තිබෙන්නේ ගෘහස්ථ ණය යි.
ඒ අනුව, ජනගහනයෙන් 33.4% ක්, පවුලේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා ණය වෙති.
ඊට අමතරව, වෛද්‍ය ප්‍රතිකාර සපයා ගැනීම සහ අධ්‍යාපනය වැනි දේ සදහා ඔවුන් සතු රන් භාණ්ඩ උකස් තැබීම වැනි දේට පෙළඹී සිටිති.
එමෙන්ම ජනගහනයෙන් 48.8% ක්, හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට නොහැකි තත්ත්වයක සිටින බවද අදාල සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
No comments