සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනත් කෙටුම්පතක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම,...
සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනත් කෙටුම්පතක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම මෙහි අරමුණ වේ.
යම් වරදක් සිදුකරන අවස්ථාවකදී රජයට හෝ මෙරට පදිංචි තැනැත්තෙකුට හානියක් සිදුවේ නම් කවර ස්ථානයකදී සිදුකරනු ලැබුවද පනතේ විධිවිධාන වලට අනුව පියවර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන අතර සුරක්ෂිතභාවය පිළිබඳ පියවරගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් පිහිටුවීමට නියමිතය.
ශ්‍රී ලංකාව තුළ පරිශීලකයන් හට සමාජ මාධ්‍ය වේදිකා සපයනු ලබන වෙබ් අඩවි මෙම පනත යටතේ ලියාපදිංචි කළ යුතු අතර නව පනතට අනුව මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රකෝප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කැරලි ගැසීමේ වරද සිදුකර ඇත්නම්, ප්‍රකෝප කළ තැනැත්තා අවුරුදු 05ක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට යටත් කළ හැකිය.
යම් පෞද්ගලික තොරතුරක් මාර්ගගත ගිණුමක් මගින් පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ තැනැත්තාට හිරිහැරයක් සිදුකරවන සිදුවීමකට වරදකරු කරනු ලැබු තැනැත්තෙකුට වසර 05ක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂ 05 නොඉක්මවන දඩයකට යටත් කළ හැකිය.
තවද ඒ හරහා අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් නිත්‍යානුකූලව සිදුවන ආගමික වැඳුම් පිදුම් කිරීමකට හෝ ආගමික පූජාවන්ට බාධා කරන්නේ නම් එවැනි තැනැත්තෙක් වසර 03ක් නොඉක්මන කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කළ හැකිය.
No comments