මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් බැවින් දින 14ක් ඇතුළත කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවා ඉවත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩ...
මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් බැවින් දින 14ක් ඇතුළත කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවා ඉවත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩ හිමියන්ට දැනුම් දී ඇත.
මාර්ගයේ අනවසරයෙන් තට්ටු දෙකේ කඩ සාදා ඇති බැවින් වාහන සදහා බාධාවක් බවත් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් එම තීරණය ගත් බවද මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
මෙම කඩ ඉවත් කිරීමට මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදී ඇත.
No comments