Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

LPL කප් එක B LOVE KANDY උස්සයි!

  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම ...

 


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 147 ලබා ගත්තේය.

ඒ අනුව, තරගය ජයගැනීම සඳහා බී ලව් කැන්ඩි කණ්ඩායමට හිමිවු ඉලක්කය ලකුණු 148 කි.

දඹුල්ල අවුරා කණ්ඩායමේ ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු 40 ලබා ගත් අතර සධීර සමරවික්‍රම පන්දු 30 කදී ලකුණු 36ක් ලබා ගත්තේය.

කුසල් පෙරේරා නොදැවී පන්දු 25කට ලකුණු 31 ක් රැස් කළේය.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 25 කදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ලකුණු 151ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් පන්දු 37කදී ලකුණු 44ක් ලබා ගත් අතර මොහොමඩ් හාරිස් පන්දු 22කට ලකුණු 26ක් රැස් කළේය.

දඹුල්ල අවුරා කණ්ඩායමේ නූර් අහමඩ් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

No comments

Ads Place