Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝසිගේ නිල නිවසේ ලයිට් කපයි..මාස හතරකින් බිල ගෙවා නැහැ..

  මාස 4ක් තිස්සේ විදුලි බිල නොගෙවීම නිසා කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය ඊයේ විසන්ධි කර ඇති බව වාර්තා වේ. ඉ...

 


මාස 4ක් තිස්සේ විදුලි බිල නොගෙවීම නිසා කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය ඊයේ විසන්ධි කර ඇති බව වාර්තා වේ.

ඉකුත් මාර්තු මාසයේ 19 වන දා සිට විදුලි බිල නොගෙවීම නිසා රුපියල් ලක්ෂ 6ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර තිබුණු බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, ඊයේ පෙරවරුවේ නගරාධිපති නිල නිවසට ගිය විදුලි බල මණ්ඩල නිලධාරීන් පිරිසක් එහි විදුලිය විසන්ධි කර තිබේ.

නගර සභා ආරංචි මාර්ග සඳහන් කළේ, ඇය තනතුරින් ඉවත්ව තිබියදීත් පුරපති නිවසේ රැඳී සිටීම හේතුවෙන් එම බිල ඇය ගෙවිය යුතු බව ය.

No comments

Ads Place