යුරෝපය පුරා සිටින කිතුනුවන් ලන්ඩනයේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටත රැස්වී, පාකිස්ථානයේ පල්ලි ගිනි තැබීම හා කිතුණුවන්ට සිදුවන ප්‍ර...
යුරෝපය පුරා සිටින කිතුනුවන් ලන්ඩනයේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටත රැස්වී, පාකිස්ථානයේ පල්ලි ගිනි තැබීම හා කිතුණුවන්ට සිදුවන ප්‍රහාරවලට එරෙහිව විරෝධය පළ කළහ.
විරෝධතාකරුවන් කියා සිටියේ කුරානයට අපහාස කළැයි චෝදනාව මත පාකිස්ථානයේ ජරන්වාලා හි පල්ලි 21කට සහ කිතුණු නිවාස සිය ගණනකට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව තම විරෝධතාව පැවති බවයි.
සාහසික අපරාධ සිදු කළ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.
Human Rights Focus Pakistan (HRFP) සංවිධානයේ කරුණු සොයා බැලීමේ වාර්තාවකට අනුව, ෆයිසලාබාද් නුවර ජරන්වාලා හි ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කර ගත් මෑත කාලීන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පල්ලි 19 ක් විනාශ වී ඇති අතර ක්‍රිස්තියානි භක්තිකයන්ගේ නිවාස 89 ක් ගිනිබත් කර තිබේ.
එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සමස්ත නිවාස 400කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි.
මේ වැනි එක් ප්‍රහාරයකදී, කිතුනුවන් 10,000 කට අධික පිරිසක් උක් සහ වෙනත් වගා බිම්වල සැඟවී සිටි බව වාර්තාවේ සඳහන් වේ.
No comments