යුනිසෙෆ් සංවිධානය මගින් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති දරුවන් හා පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියත්මක කර ඇති සුබසාධන වැඩස...
යුනිසෙෆ් සංවිධානය මගින් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති දරුවන් හා පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියත්මක කර ඇති සුබසාධන වැඩසටහන් නිරීක්ෂණයට ලක් කිරීමේ අරමුණින් යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය සුහදතා තානාධිපතිවරයා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මහතා ඇතුලු දූත පිරිස පසුගිය 2023.08.06 දින ශ්‍රී ලංකා සංචාරයක් සදහා දිවයින වෙත සපැමිණියා.
මෙම සංචාරයට සමගාමීව සචින් තෙන්ඩුල්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.08.07 දින රුවන්වැල්ල පොලිස් වසමේ චෙස්ටර්පෝට් වතුයායේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන්ගේ දරුවන් සදහා සුබසාධනය සැලැස්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර මෙවැනි කටයුතු සදහා පොලිසියේ ද නිරන්තර සහයෝගය පල කරමින් කෑගල්ල දිසාව තුල විව්ධාකාරයෙන් පීඩාවට පත්ව සිටින දරුවන්ට සුභදායී පරිසරයක් බිහි කිරිම උදෙසා විවිධ වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් කැප වන කෑගල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා ද එම අවස්ථාව සදහා සහභාගී විය.
පීඩාවට පත් දරුවන්ගේ මුවගට සිනහවක් ගෙන දීමට වෙර දරන යුනිසෙෆ් සංවිධානයේ ආසියානු සුහදතා තානාධිපති සචින් තෙන්ඩුල්කාර් මහතාටද කෑගල්ල දිසාව තුල පීඩාවට පත් දරුවන් වෙනුවෙන් නිරතුරු පෙනී සිටීමට පොලිස් නිලධාරින්ට මග පෙන්වමින් සුබදායී අනාගතයක් සදහා අත්තිවාරම් ගොඩනැංවීමට වෙහෙසෙන කෑගල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ සේවය අගය කල යුතුය
No comments