Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශිෂ්‍ය නායක තනතුර ගන්න නාරම්මල සිසුවියක් යාළුවන්ගේ වතුර බෝතල්වලට වල්නාශක දාලා බොන්න දීලා!

නාරම්මල ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් විසින් වල්නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කලවම් කර බීමට දීමෙන් රෝගාතුර වූ සිසුවියන් හය දෙන...

නාරම්මල ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් විසින් වල්නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කලවම් කර බීමට දීමෙන් රෝගාතුර වූ සිසුවියන් හය දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඊයේ (14) පෙරවරුවේ පාසල් කාලයේදී මෙය සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය. 

ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින සිසුවියන් අතරේ වල් නාශකය ජලයට මිශ්‍රකළ බව පැවසෙන සිසුවියද සිටින බව වාර්තා වේ.

සැකකාර සිසුවිය පෙරේදා උදෑසන පැවති සඳුදා උදෑසන රැස්වීමට සහභාගි නොවී පන්ති කාමරයේ රැඳීසිට වල් නාශකය කුඩු සිසුවියන් කිහිපදෙනෙකුගේ පානීය ජල බෝතලවලට මිශ්‍ර කර ඇති බව අනාවරණය වී තිබේ. 

පාසලේ සවිකර ඇති CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුවිය හඳුනාගෙන ඇත.

සමීපතම මිතුරියන් පිරිසකගේ පානීය ජල බෝතල්වලට එම වල් නාශක මිශ්‍ර කර ඇති බව ද සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

වල් නාශක සහිත ජලය පානය කිරීමෙන් පසුව වමනය ඇති වී රෝගාතුරවූ සිසුවියන් පිරිස දැක බියපත්ව ඇයද එම ජලය පානය කර ඇත.

එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරගයක් මෙම සිදුවීමට පාදක වී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පවසයි. -දෙරණ

No comments

Ads Place