Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුරු හා නැගෙනහිර පළාත් අලුතින් බෞද්ධකරණය කල යුතු නැහැ..ඉතිහාසයේ සිටම එම පළාත්වල බෞද්ධ ආගමික වෙහෙර විහාර පැවතුනා - මහාචාර්ය චන්න ජයසුමන

  උතුරු හා නැගෙනහිර පළාත් බෞද්ධකරණය කරන බවට දෙමළ දේශපාලකයන් නගන චෝදනා පදනම් විරහිත ප්‍රකාශ බවත්, එම දෙපළාත් අමුතුවෙන් බෞද්ධකරණය කළ යුතුව නැත...

 



උතුරු හා නැගෙනහිර පළාත් බෞද්ධකරණය කරන බවට දෙමළ දේශපාලකයන් නගන චෝදනා පදනම් විරහිත ප්‍රකාශ බවත්, එම දෙපළාත් අමුතුවෙන් බෞද්ධකරණය කළ යුතුව නැති බව හා ඉතිහාසයේ සිටම එම පළාත්වල බෞද්ධ ආගමික වෙහෙර විහාර පැවතුන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ(22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

යුද්ධයෙන් පසුව උතුරේ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් සියයට 80ක් පමණ මේ වන විට විනාශකර ඇති බව මාධ්‍ය ආයතන පවා හෙළිකරන බවද, මෙලෙස උතුරේ පුරාවස්තු සංහාරය මගින් නැවතත් මේ රටේ යුදමය වාතාවරණයක් නිර්මාණය කිරීමට බෙදුම්වාදී කොටස් කටයුතු කරමින් සිටින බවද ඒ මහතා මෙහිදී පැවසීය.

මෙවැනි වාතාවරණයක් තුළ මෙම පුරාවස්තු ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කරන උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ හා නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ සංඝනායක අරිසිමලේ තිලකවංශ හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහා කටයුතු කරන ලෙසද චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

No comments

Ads Place