Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නලින්ද ජයතිස්සට ලැබුණු බුද්ධි අංශ වාර්තාව ප්‍රසිද්ධ කරන්න! මේවා බෞද්ධ විරෝධී තක්කඩි දේශපාලඥයන්ගේ ප්‍රකාශ - මහාචාර්ය චන්න ජයසුමන

  ඉන්දියානු බුද්ධි අංශ වාර්තාවක තිබුණු බව පවසමින් කුරුන්දි විහාරය මුල්කරගෙන ජාතිවාදී ආගම්වාදී කෝලාහලයක් ලංකාවේ ඇති කිරීමට උත්සහ දරන බව දින ක...

 



ඉන්දියානු බුද්ධි අංශ වාර්තාවක තිබුණු බව පවසමින් කුරුන්දි විහාරය මුල්කරගෙන ජාතිවාදී ආගම්වාදී කෝලාහලයක් ලංකාවේ ඇති කිරීමට උත්සහ දරන බව දින කිහිපයකට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් ඉදිරියේ කළුතර දී ප්‍රකාශ කළද, එවන් කිසිදු වාර්තාවක් රජයට හෝ බුද්ධි අංශ වෙත ලැබී නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ හෙයින් නලින්ද ජයතිස්සට ලැබුණු බුද්ධි අංශ වාර්තාව වහා ප්‍රසිද්ධ කරන කරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පැවසුවේ, රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නොමැති බවයි. මෙය තමා ප්‍රකාශ කරන්නේ වගකීමෙන් බවද ඔහු සඳහන් කළේය.

බුද්ධි අංශ වාර්තා ඇතැයි බොරැ පවසමින් කුරුන්දි විහාරය බෞද්ධයන්ට අහිමි කිරීමට ගෙන යන වැඩපිළිවෙළට උල්පන්දම් දීමත්, බෞද්ධ ජනතාව බිය ගන්වා අධෛර්යයමත් කිරීමටත් බෞද්ධ විරෝධී තක්කඩි දේශපාලඥයන් ගෙන යන වැඩපිළිවෙළ චන්න ජයසුමන මහතාගේ විවේචනයට ලක් විය.

No comments

Ads Place