Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ අපේක්ෂකයා අනුර කුමාර! ආයේ වැනෙන්න දෙයක් නෑ! පුලුවන් හැම කෙනාම අපි එකතු කර ගන්නවා!

  රටක් විදිහට මේ මොහොතේ අප මුහුණ දී ඇත්තේ ප්‍රශ්නයක නොවන බවත් අපි ඉන්නේ ව්‍යසනයක බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන...

 


රටක් විදිහට මේ මොහොතේ අප මුහුණ දී ඇත්තේ ප්‍රශ්නයක නොවන බවත් අපි ඉන්නේ ව්‍යසනයක බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඔහු කියන්නේ රට ඇත්තේ ඊට කොහෙත්ම අඩු තැනක නොවන බවයි.

අපි දන්නවා පහුගිය මාර්තු මාසයේ ඡන්දයක් තියන්න තිබුණත් ඒක තිබ්බේ නැති බව. ඒ ඡන්දය ගැන අප්‍රේල් 25 කියලා දිනයක් ආවා එදාටත් ඡන්දය තිබ්බේ නැහැ. දැන් වෙනකොට පළාත් පාලන ඡන්දය තියෙන්නේ කවද්ද කියලා දිනයක්වත් නැහැ. ඒ ගැන අධිකරණවල නඩු කිහිපයක් තියෙනවා. අපි බලාපොරොත්තුව ඉන්නවා ඒ ගැන සුබවාදී උත්තරයක් එයි කියලා. මේ ඡන්දය කල් දැම්මේ ඇයි කියලා මුළු රටම දන්නවා. ඡන්දය තිබ්බනම් මාලිමාව දිනනවා මාලිමාව දිනනවට බයේ මේ අය ඡන්දෙන් පලා ගියා. ඒ ඡන්දයට ජන වහරේ කියන්නේ පුංචි ඡන්දය කියලා. දැන් සාකච්ඡාවක් ඇවිත් තියෙනවා හෙට අනිද්දා මහ ඡන්දයක් එනවා කියලා.

ඒ තමයි ජනාධිපතිවරණය.

මේ දවස්වල කට්ටිය නිල නොවන විදිහට ජනාධිපතිවරණය ගැන වැඩ.

නාමල් රාජපක්ෂ කියනවා ජනාධිපතිවරණයට තව ටිකක් කල් තියනවා, එතකොට අපි දිනන එක්කෙනාව දානවා කියලා.

හැබැයි අපිනම් දැම්ම කියනවා දිනන කෙනා මේ රටේ ජනතාව ගොඩනඟලා ඉවරයි. තෝරගෙනත් ඉවරයි. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ පක්ෂයේ නායකයා අනුර කිමාර දිසානායක සහෝදරයා.

සමහරු අහනවා ඇයි මේක අපි දැන්ම කියන්නේ කියලා. ජාතික ජන බලවේගයේ නායකයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. ආයේ වැනෙන්න දෙයක් නැහැ එයා තමයි ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා. හතුරෝ හිතනවානම් අපේ අපේක්ෂකයා ගැන දෙගිඩියාවකට පත් කරන්න. ඒවා කරන්න බැරි වෙයි. අනුර සහෝදරයාගේ ජයග්‍රහණයට එකතුකර ගන්න පුළුවන් හැම කෙනාම එකතු කර ගැනීම අපේ වැඩක්. හැබැයි ඒ එකතුකර ගන්න සතා මොකාද කියලා දැනගෙන” යි කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

No comments

Ads Place