ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල් එරට රූපවාහිනියට පැවසුවේ සැප්තැම්බර් 4 සිට පාසැල්වලට නැවත පැමිණීමට පෙර අබාය හෝ වෙනත් ආගමික සළකුණ...
ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල් එරට රූපවාහිනියට පැවසුවේ සැප්තැම්බර් 4 සිට පාසැල්වලට නැවත පැමිණීමට පෙර අබාය හෝ වෙනත් ආගමික සළකුණු සම්බන්ධයෙන් එරට පාසල් ප්‍රධානීන්ට “ජාතික මට්ටමින් පැහැදිලි නීති” ලබා දෙන බවයි.
මෙම පියවර ගෙන ඇත්තේ ඉස්ලාමීය කාන්තාවන් හා ළමුන් ඉස්ලාමීය හිස් ආවරණ පැළඳීම දිගු කලක් තිස්සේ තහනම් කර ඇති පසුබිමක වන අතර ප්‍රංශ පාසල්වල ළමුන් අබායා පැළඳීම සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පැවති විවාදයකින් පසුවය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අබාය “ආගමික සංඛේතයක් නිරූපනය කරන” බැවින් එමගින් ප්‍රංශයෙන් ආගමික බලපෑමෙන් තොර අධ්‍යාපන ප්‍රතිපත්තිය සමග එය ගැටීමක් ඇති කරන බවයි.
“ඔබ පන්ති කාමරයකට ඇතුළු වන විට, සිසුන් දෙස බලා ඔවුන්ගේ ආගම හඳුනා ගැනීමට ඔබට නොහැකි විය යුතුය,” ඔහු පැවසීය.
ප්‍රංශය 2004 මාර්තු මස ඉදිරිපත් කරන ලද නීතියක් මගින් පාසල්වල “ශිෂ්‍යයින් ආගමික අනුබද්ධතාවයක් පෙන්නුම් කරන ලකුණු හෝ ඇඳුම් ඇඳීම” තහනම් කරන ලදී. මෙයට විශාල කුරුස, යුදෙව් කිප්පා සහ ඉස්ලාමීය හිස් ආවරණ ඇතුළත් වේ.
එරට අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි. එහි අබායා විස්තර කළේ “ආගමික අනුබද්ධයක් විවෘතව ප්‍රදර්ශනය වන පරිදි ඇඳ තිබේ නම්” ඒවා පැළඳීම තහනම් කළ හැකි ඇඳුම් ආයිත්තම් සමූහයකින් එකක් ලෙස ය.
ප්‍රංශ විපක්ෂයේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානී එරික් සියොටෝ ද අධ්‍යාපනය අමාත්‍යවරයාගේ යෝජනාව පිළිගනිමින් සඳහන් කර ඇත්තේ “අපේ පාසල්වල අබයා තහනම් කරන්න කියලා අපි කීප වතාවක්ම කිව්වා” ලෙසයි.
නමුත් වාමාංශික විපක්ෂය වන ප්‍රංශ අන්බෝඩ් පක්ෂයේ ක්ලෙමන්ටයින් ඔටෙන් “ඇඳුම් පොලිසිය” ලෙස හෙළා දකින බව සඳහන් කර ඇත.
No comments