ජනාධිපති රනිල් වික්‍රමසිංහ (28) දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි විශේෂ තීරණයක් ප්‍රකාශයට පත් කර ඇත. එළඹෙන සැප්තැම්බර් (05), (06) (07), (08...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ (28) දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි විශේෂ තීරණයක් ප්‍රකාශයට පත් කර ඇත.
එළඹෙන සැප්තැම්බර් (05), (06) (07), (08) යන දිනයන්හි මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විදේශගත වීමෙන් වලකින්න ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව එම දිනයන්හි පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත බැවින් ජනාධිපතිවරයා එම නියෝගය නිකුත් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින දෙකක් හෝ තුනක් අවශ්‍ය බව සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
ඒ අනුව විපක්ෂයේ ඉල්ලීමට ආණ්ඩු පාර්ශවයෙන් එකඟතාවය පළ වු අතර එම දිනයන්හි සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
No comments