Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උමාරා වැරද්දක් කරලා, විමර්ශන වාර්තාව නීතිපතිට..

LPL ක්‍රිකට් තරගාවලිය ආරම්භක උත්සවයේදී ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව එම චෝදනා සම්බන්ධව විමර්...


LPL ක්‍රිකට් තරගාවලිය ආරම්භක උත්සවයේදී ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව එම චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් තීරණය කර ඇත.

එලෙස රටේ ජාතික ගීය ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් උමාරා සිංහවංශ ගායනා කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කර ඇත.

විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් ගායන ගීල්පිනි උමාරා සිංහවංශගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී ඇය එය උච්ච ස්වරයෙන් ගායනා කරන ලද බවට විමර්ශකයන් තහවුරු කරගෙන ඇත.

ජාතික ගීය වැරදි ආකාරයෙන් ප්‍රසිද්ධියේම ගායනා කිරීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුව විසින් මෙම නිර්දේශ ලබාදී ඇත.

No comments

Ads Place