අද (18) දිනයේ භික්ෂූන් වහන්සේලා සහ බොදු බැතිමතුන් පිරිසක් එක්ව කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීමට කටයුතු සූදානම් ...
අද (18) දිනයේ භික්ෂූන් වහන්සේලා සහ බොදු බැතිමතුන් පිරිසක් එක්ව කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීමට කටයුතු සූදානම් කර තිබුණේය.
එම පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් යාපනයේ පදිංචිකරුවන් පිරිසක් එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණියේය.
අනතුරුව යාපනයේ පදිංචිකරුවන් පිරිස කුරුන්දි පැමිණ පිළිම තැන්පත් කර එම ස්ථානයේ කිරි ඉතිරවීමට සූදානම් කර තිබු අතර එහිදී අදාළ පිරිස හා භික්ෂූන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
එම උණුසුම් තත්ත්වයත් සමග පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළ අතර මේ වනවිට පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවා ආරක්ෂාව යොදා ඇත.
No comments