Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් හේෂාට වාරණයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. නිවේදනයක් න...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ ක්‍රියාකරන සියලුදෙනාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ එම ආයතනය ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගවලට අනුව කොළඹ දිසා අධිකරනය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවය.

2022 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුව ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතයන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත් කර තිබු විශේෂ විගණන කෙටුම්පත මාධ්‍ය මගින් හෙළිදරව් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා අපහාසාත්මක ප්‍රකාශ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

No comments

Ads Place