Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත්‍රිකුණාමල රැස්වීමට කඩාවැදුණු හිමිවරු සටන දිනති! හිමිවරුන්ගේ විරෝධය මැද ආණ්ඩුකාර තොණ්ඩමන් තීන්දුව ‌හකුලා ගනී!

බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි අද(28)  ඇරුඹු විරෝධතාවය ත්‍රිකුණාමලය  දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි ...


බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි අද(28)  ඇරුඹු විරෝධතාවය ත්‍රිකුණාමලය  දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි පිිරිස පවත්වද්දි තවත් හිමිවරු පිරිසක් දිසාපති කාර්යාල පරිශ්‍රයට කඩා වැදි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර මග නැවැත්වුහ.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්විණි.

රැස්වීමට කඩා වැදුණු හිමිවරු අතර බොරළු කන්ද රජමහා විහාරාධිපති අම්පිටියේ සීල වංශ තිස්ස මොරවැව ඉන්ද්‍රරාමාධිපති ය පොල්හේන්ගොඩ උප රතන හිමියෝද වුහ.

ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නියෝගයෙන් බොරළුකන්ද විහාරයේ සංවර්ධන කටයුතු තහනම් නියෝගය  ලිඛිතව ලබාදුන් ප්‍රාදේශීය ලේකම්  පි.දනේෂ්වරන් මහතාද මෙම රැස්විමේ සිටිම විශේෂත්වයකි .

තහනම් නියෝගය ඉවත් කරන තෙක් තමන් වහන්සේලා මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවට සපථ කර කියා සිටියහ. සිදුවු අපහසුතා මධ්‍යයේ ආණ්ඩුකාර උපදෙස්  මත තහනම ඉවත් කිරිමට සියළු දෙනා තිරණයකට එලඹියහ.

 මහා සංඝරත්නය විරෝධය හමුවේ තහනම් නියෝගය ඉවත් කිරිමේ ලිඛිත නියෝගය ප්‍රාදේශීය ලේකම්වරයා බොරළුකන්ද රජමහා විහරාධිපති  අම්පිටිය ශිල වංශ තිස්ස හිමියන්ට ලබාදිම සිදු කළේය.

No comments

Ads Place