ජාතිවාදය වපුරන බවට චෝදනා කරමින් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ නිවස ඉදිරිපිට පිවිතුරු හෙ...
ජාතිවාදය වපුරන බවට චෝදනා කරමින් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ නිවස ඉදිරිපිට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් විරෝධතාවක් පැවැත්වූහ.
ඊයේ පස්වරුවේ බම්බලපිටිය රැජින මාවතේ පිහිටි අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පෞද්ගලික නිවස වෙත පැමිණ තිබුණි.
එහිදී විරෝධතාවයේ නිරත නොවන ලෙසට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි.
මෙහිදී පොලීසිය මැදිහත්වී මන්ත්‍රීවරයාගේ නිවසට මීටර් 20ක් පමණ දුරින් විරෝධතාකරුවන් නවතනු ලැබු අතර එහි ආරක්ෂාව සඳහා පොලීසිය, කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද කැඳවා තිබෙනු දක්නට ලැබුණි.
පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වී පසුව පිරිස විසිර ගොස් තිබුණි.
No comments