වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය රාජ්කුමාරි නම් තැනැත්තියගේ අභිරහස් මරණය මිනීමැරුමක් බව කොළඹ අ...
වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය රාජ්කුමාරි නම් තැනැත්තියගේ අභිරහස් මරණය මිනීමැරුමක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.
රාජ්කුමාරි නම් තැනැත්තියගේ මිනීමැරුම් අපරාධයට සම්බන්ධ සියළු පාර්ශ්වයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙම මරණය යට ගැසීම සදහා වැලිකඩ පොලිසිය උත්සාහ දැරූ නමුත් ඇගේ මරණයට සාධාරණය ඉෂ්ඨ කිරීමට ඉදිරිපත් වූ නීතීඥ කණ්ඩායමක් විසින් නීති කටයුතු ඉදිරියට ගෙනයාම හේතුවෙන් ඝාතකයන්ට දඩුවම් හිමිවිය.
මොට ආයුධයකින් හෝ ඒ සමාන බලයකින් පහරදීම හේතුවෙන් මරණකාරියගේ මාංශපේෂි වලට ඇතිවූ හානිය මත ශරීරය තුළට රුධිරය වහනය වීමෙන් සහ කම්පනයකින් මෙම තැනැත්තියගේ මරණය සිදුවී ඇත.
සුධර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ලකට අනුව වැලිකඩ පොලිසිය රාජ්කුමාරි නම් තැනැත්තිය අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව එම ඝාතනය සිදුකර ඇත.
No comments