රුසියාවේ වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා පළකර තිබේ. රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය ...
රුසියාවේ වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා පළකර තිබේ.
රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ වැග්නර් නායකයා ඇතුළු දස දෙනෙකු පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එය හදිසියේ කඩා වැටී අනතුර සිදුවී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායකයා සමග ඔහුගේ අණදෙන නිලධාරි දිමිත්‍රි උට්කින් ද සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට අදාළ යානයේ මළසිරුරු අටක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහාය ලබාගැනීම සඳහා කුලී හේවා බලකායක් ලෙස වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කළ අතර එහි නායකත්වය යෙව්ග්නි ප්‍රිගොෂින් විසින් දරනු ලැබීය.
No comments