Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රෙෂර්-සීනි තියෙන අම්මා කෙනෙකුට ෆාමසියෙන් කැන්සර්වලට දෙන වැරදි බෙහෙතක් දීලා! ඉංගිරියේ අම්මා මරුට!

ඉංගිරියේ පදිංචිව සිටි අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් පීඩා විඳි මව මියගොස් ඇත්තේ පිළිකා ඖෂධය භාවිත කිරීමෙන් ශරීරයේ ඇති වූ අසාත්මිකතාව හේ...



ඉංගිරියේ පදිංචිව සිටි අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් පීඩා විඳි මව මියගොස් ඇත්තේ පිළිකා ඖෂධය භාවිත කිරීමෙන් ශරීරයේ ඇති වූ අසාත්මිකතාව හේතුවෙන් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.

ඉංගිරිය නගරයේ ෆාමසියකින් වැරැදි ලෙස පිළිකා ඖෂධයක් ලබාදීමෙන් පසුව එම ඖෂධ ලබාගත් පී.එම්. සෝමාවතී නමැති 62 හැවිරිදි කාන්තාවක මියගිය අතර එම මරණය සම්බන්ධයෙන් හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත්දා සිදු කරනු ලැබීය.

පිළිකා ඖෂධ ලබාගැනීමෙන් පසුව ශරීරයේ අභන්තරයේ සිදුවූ අසාත්මිකතාවක් හේතුවෙන් එම කාන්තාව මියගොස් ඇතැයිද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇතැයිද පොලිසිය කියයි.

හෘදය වස්තුවට රුධිරය ගමන් ගන්නා නාල අවහිරවීම නිසාත් තවත් හේතූන් නිසාත් ඇයගේ මරණය සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බවද පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ සැමියා සිය බිරිඳගේ මරණය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට පැමිණිලිකර තිබූ අතර පොලිසිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

හොරණ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා හොරණ මූලික රෝහලට පැමිණ මළසිරුර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි පොලිසියට නියෝග කළේය.

ඒ අනුව හොරණ මූලික රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය පනිත සෙනෙවිරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

No comments

Ads Place