Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆොන්සේකා පන්නන්න සජබ තරුණ මන්ත්‍රීන් පිරිසක් සැරසේ

  සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂ...

 


සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ වහාම ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

සජබ සභාපති ලෙස කටයුතු කරන ඒ මහතා තමන් නිර්පාක්‍ෂික පුද්ගලයකු යැයි පසුගියදා කියා තිබීම අනුමත කළ නොහැකි බවත්, පක්‍ෂයේ සභාපති ලෙස එවැනි ප්‍රකාශ සිදු කිරීම ගැන වහා ප්‍රශ්න කළ යුතු බවටත් තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

පසුගිය මහ මැතිවරණයේ දී සජබ මන්ත්‍රීවරයකු ලෙස පත්වූ ඔහු නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවනුයේ කෙසේද යන්න දැඩි ගැටලුවක් බවත්, ඔහු එසේ සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් සජබයෙන් ඉවත් විය යුතු බවත් එම මන්ත්‍රීවරුන් පවසා ඇත.

No comments

Ads Place