වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුත...
වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබාදීම සිදුකරන බවත් එම ක්‍රියාවලියේදී යම් සාමය කටවීමක් සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් ලබාදෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.
ලීසිං සමාගම් විසින් සිය වාරික ගෙවීම් ප්‍රමාද වූ විට පුද්ගලයින් යොදවා අත්පත් කරගන්නා එම වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර තවදුරටත් සදහන් කළේ,
“මීට මාස කිහිපයකට පෙර මහනුවර නගරයේදී එක්තරා රියදුරෙක්ව වාහන අත්පත්කර ගන්නා පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් ඒ රියදුරුව අල්ලගෙන ඔහුට පහරදීලා කාර් රථයේ යතුර බවට සැක කෙරෙන යතුරකුත් අරගෙන ඉන් පසුව වාහනය රැගෙන යනවා. අපිට සිද්ධ වුණා මේ වන විට එම පුද්ගලයින්ට එරෙහිව කොල්ලකෑම කියන වරද යටතේ විමර්ශන සිදුකරන්න.”
No comments