හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් අවසරයක් නොලබා පසුගිය 11 වැනිදා විදෙස්ගත වීම හේතුවෙන් හම්බ...
හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් අවසරයක් නොලබා පසුගිය 11 වැනිදා විදෙස්ගත වීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ යොදාගෙන තිබූ සිසේරියන් සැත්කම් ඇතුළු ජීවිත ආරක්ෂක සැත්කම් සියල්ලම නතර කර දැමීමට සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ට සිදුව ඇති බව වාර්තා වේ.
හම්බන්තොට මහ රෝහලේ දැඩිසත්කාර ඒකක දෙකක ප්‍රතිකාර ලබන රෝගීන්, සිසේරියන් සැත්කම් මෙන්ම වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් සැත්කම් සඳහා දින ලබා දී තිබූ රෝගීන් ඇතුළු සැලසුම්කර තිබූ සියලුම සැත්කම් මේ නිසා දින නියමයක් නොමැතිව කල් දැමීමට හම්බන්තොට මහ රෝහලේ සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ට සිදුව තිබේ.
හම්බන්තොට මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනකු අනුමත කර තිබුණද මෙතෙක් එහි සේවය කර ඇත්තේ එක් නිර්වින්දන වෛද්‍යවරයකු පමණක් බව පැවසේ.
එම වෛද්‍යවරයාද පසුගිය 11 වැනිදා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දින දෙකක කෙටි නිවාඩුවක් ලබා සිටි අවස්ථාවක විදෙස්ගත වී තිබේ. එම නිර්වින්දන වෛද්‍යවරයා විදෙස්ගත වී ඇති බව දැන ගැනීමට ලැබී ඇත්තේ පසුගිය 12 දා එම වෛද්‍යවරයා විසින් තමන් එංගලන්තයට පැමිණි බවට සෙසු වෛද්‍යවරුන් කිහිප දෙනකුට එවා තිබූ කෙටි පණිවුඩයක් මගිනි.
මෙම වෛද්‍යවරයා විශේෂඥ පුහුණුව සහිතව ශ්‍රී ලංකාවට පැමිණ ලද මුල්ම පත්වීම මෙය බවත්, ඔහු පත්වීම ලැබ සේවය කර ඇත්තේ මාස තුනක් තරම් කෙටි කාලයක් පමණක් බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
No comments