ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමා...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, ජාතික ගීය වෙනස් කිරීම අනුමත කළ නොහැකි බවත් ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි.
එනිසා එම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අශෝක සදහන් කරයි.
ලෝකයේම අවධානය යොමු වන මෙවන් වැඩසටහනකදී රටේ ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම ඉතාම කනගාටුවට කරුණක් බවද අමාත්‍යංශ ලේකම් කේ.ඩී .එන්.රංජිත් අශෝක සදහන් කරයි.
මේ අතර ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කරයි.
No comments