වවුනියාව තවසිකුලම් ශ්‍රී විනයාගර් කෝවිලේ පැවති විශේෂ පූජාවකින් පසුව දෙවියන් වහන්සේ උදෙසා පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී රුපියල් 95,000ක ම...
වවුනියාව තවසිකුලම් ශ්‍රී විනයාගර් කෝවිලේ පැවති විශේෂ පූජාවකින් පසුව දෙවියන් වහන්සේ උදෙසා පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී රුපියල් 95,000ක මුදලකට ඊයේ (13) දා අලෙවි වී තිබේ.
මෙම කෝවිලේ විශේෂ දිනවලදී පැවැත්වෙන දේව පූජාවෙන් පසුව පූජා වට්ටියට තබන ලද පලතුරු ඇතුළු බොහෝ දේ වෙන්දේසියේ විකුණනු ලැබූ අතර අඹ ගෙඩියක් වැඩිම මිලකට අලෙවි වී ඇති පලමු අවස්ථාව මෙය වෙයි.
මෙසේ වෙන්දේසියේදී මිලටගනු ලබන පලතුරු ඇතුළු දේ මිලදී ගන්නන් විසින් පාරිභෝජනය නොකරන අතර ඔවුන් ඒවා සුදු රෙදි කඩක ගැටගසා නිවසේ එල්ලා නිවසට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙති.
අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ලන්ඩනයේ සිට නිවාඩුවකට වවුනියාවට පැමිණ සිටින කෝවිල අසල නිවසක පදිංචි වී සිටින පුද්ගලයෙකි.
No comments