Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රභූ රැකවරණයට පොලිසියේ 7000ක්

පොලිස් නිලධාරීන් හත් දහස් හයසිය අනූ තුන් දෙනෙක් ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසී...


පොලිස් නිලධාරීන් හත් දහස් හයසිය අනූ තුන් දෙනෙක් ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ජගත් කුමාර විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ අතරින් ඇමැතිවරු සඳහා පන්සිය හැට තුන් දෙනෙක් ද මන්ත්‍රීවරු සඳහා එක්දහස් අටසිය එකොළොස් දෙනෙකක් ද යොදවා සිටිති. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූන් වෙනුවෙන් නිලධාරීන් දෙදහස් එකසිය හැත්තෑ හය දෙනෙක් ද යොදවා සිටින බවත් ඇමැතිවරයා කීවේය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්, හිටපු මැතිඇමැතිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් , ආණ්ඩුකාරවරුන්, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු මහබැංකු අධිපති, විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඇතුළු කාණ්ඩ රැසක් මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූන් කාණ්ඩයට අයත් වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයාට අනුව කාන්තා පොලිස් නිලධාරිනියන් සංඛ්‍යාව මේ වන විට දසදහස් අසූපහක් වන අතර ඉන් පන්දහස් අටසිය දස දෙනෙක් පොලිස් කොස්තාපල්වරියෝ ය. නියෝජ්‍ය පොලිස්පතිවරියෝ සිව්දෙනෙක් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියෝ පස් දෙනෙක් ද වෙති.

සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අසූ හය දහස් පන්සිය තිස් හතකි.


-aruna-

No comments

Ads Place