Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝල්ෆේස් අරගලයෙන් ජනතාවගේ අරමුණු ඉටුවෙලා නැහැ – 60% ක ජනතාව පවසති

  ගාලු මුව‍ෙදාර පිටියෙන් අරගලකරුවන් ඉවත් වී වසරක් ගත වුව ද අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නැතැයි යන්න රටේ ජනතාවගෙන් 60%කගේ මතය වී ඇති ...

 



ගාලු මුව‍ෙදාර පිටියෙන් අරගලකරුවන් ඉවත් වී වසරක් ගත වුව ද අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නැතැයි යන්න රටේ ජනතාවගෙන් 60%කගේ මතය වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

රට නැවත ගොඩගැනීමට නම් ස්ථාවරත්වය ගැන සිතීම වෙනුවට දූෂිත, අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍ය යැයි ජනතාවගෙන් 51%ක් විශ්වාස කරන බව ද එම ආයතනය කියයි.

ගාලු මුව‍ෙදාර අරගලය නිමා වී වසරක් ගත වන විට ජන මනස පවතින ආකාරය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් කළ ජනමත විමසුමකින් මෙම කරුණු අනාවරණය වී තිබේ.

අරගලය මගින් ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් හා සිතුම් පැතුම් ඉටු වූයේ ද නැති ද කියා ඇසූ පැනයට සමීක්ෂණයට සහභාගි වූ ජනතාවගෙන් 60%ක පිළිතුර ‘බොහෝදුරට නැත’ යන්න වී තිබේ.

බොහෝදුරට ඒවා ඉටු වූ බව පවසා ඇත්තේ 11%ක ප්‍රතිශතයකි. 29%ක් පවසා ඇත්තේ ඒ ගැන අදහසක් නැති බව ය.

No comments

Ads Place