Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාඩු ලබන මත්තල අලාභය රුපියල් කෝටි 4281යි.!

  පසුගිය 2017 වසරේ සිට 2022 දක්වා වසර 5ක කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා...

 


පසුගිය 2017 වසරේ සිට 2022 දක්වා වසර 5ක කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

පසුගිය 2022 වසරේ පමණක් මත්තල ගුවන්තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බවත් 2017 වසරේ සිට 2022 වසර දක්වා වසර 05ක් තුළ ලබා ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 4,281ක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල පසුගිය 2022 වසරේ මෙහෙයුම් පිරිවැය කෝටි 203ක් ලෙස වාර්තා කර ඇති අතර එය මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයකින් වැඩි බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයක් මිස ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම ගනු ලැබු තීරණයක් නොවන බවද එම විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් කරයි.

No comments

Ads Place