Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

13 විසඳුමක් නෙවෙයි… උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයං නිර්ණ අයිතිය දිය යුතුයි – ගජේන්ද්‍රකුමාර්

  උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් සෙවීමේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරම්භයක් නොවන බව දෙම...

 


උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් සෙවීමේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරම්භයක් නොවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් පවසා ඇත.

උතුරු නැගෙනහිර අර්බුදය විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්ෂවලින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා සෙල්වතුරේ ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ගේ අත්සන්වලින් යුක්තව ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ මේ බව සඳහන් කර තිබේ.

13 වැනි සංශෝධනය ජනවාර්ගික ගැටලුවේ ආරම්භක ලක්ෂ්‍යය හෝ අවසාන විසඳුම ලෙස පිළිගත නොහැකි බවත් 1987 දෙමළ පක්ෂ විසින් 13 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කළ බවත් පවසන එම පක්ෂය වසර 75 ක් මුළුල්ලේ පවතින මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් වන්නේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එම තනි ව්‍යුහයට ස්වෛරීභාවය හා ස්වයං නිර්ණ අයිතිය ආරක්ෂා වන අන්දමේ විසඳුමකින් පමණක් බව ද කියා තිබේ.

2016 වසරේ දෙමළ මහජන සභාව සමඟ එක්ව දෙමළ ජාතික ජනතා පෙරමුණ) සකස් කළ තමිල් දේසම් නමැති සම්මුති යෝජනාව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ඇති එකම හා හොඳම ක්‍රියා පිළිවෙත බව ද දෙමළ ජාතික ජනතා පෙරමුණ ලියා ඇති අතර එම සම්මුතියේ පිටපතක් ද ජනාධිපතිවරයාට යවන ලද ලිපියට අමුණා ඇත.

No comments

Ads Place