Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැමෝම සල්ලි පස්සේ දුවන අස්සේ හෝමාගම ගරාජ් හිමියෙක් මහා පින්කමක් කරගනී! වැඩකට ගන්න බැරිව අතහැර දමා තිබූ රෝහලේ ඇම්බියුලන්ස් එක ලක්ෂ 10ක් වියදම් කර හදා දෙයි!

  හෝමාගම මූලික රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ගිලන් රථයක් එම ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවෙකුගේ මැදිහත් වීමෙන් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය ...

 



හෝමාගම මූලික රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ගිලන් රථයක් එම ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවෙකුගේ මැදිහත් වීමෙන් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කොට සම්පූර්ණ අලුත්වැඩියාවකින් පසුව යළි රෝහලට භාර දීමේ ආදර්ශමත් පුවතක් හෝමාගම මූලික රෝහලෙන් (15) දා වාර්තා විය.

එසේ අලුත්වැඩියා කළ ගිලන් රථය හෝමාගම අතුරුගිරිය පාරේ තක්ෂිලා ඉන්ජිනියර්ස් අධිපති මංජුල නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙත භාර දෙන ලදී.

වසර ගණනාවක් හෝමාගම මූලික රෝහලේ පරිහරණය සදහා යොදවා තිබූ ගිලන් රථයක් භාවිතයට ගත නොහැකි මට්ටමට ම අබලන්ව අතහැර දමා තිබියදී රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කොට සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කොට මෙසේ බාරදී තිබේ.

මංජුල නිශාන්ත හෙට්ටිආරච්චි මහතා සිදුකළ සත්කාරය අගය කරමින් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට මෙහිදී ස්තූති ලිපියක් ද ලබා දෙන ලදී.

මේ පිළිබඳව හෝමාගම තක්ෂිලා ඉන්ජිනියර්ස් අධිපති මංජුල නිශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ කීය.

මම ගොඩක් කල් ඉදල මේ විදියේ උදව්වක් කරන්න බලාගෙන හිටියෙ. මේක මගේ ආශාවක්. මේ වාහනය භාවිතයට ගත නොහැකි මට්ටමටම අබලන් වෙලා තිබුනේ.

මහත් පරිශ්‍රමයක් දරල එය යළි භාවිතයට ගත හැකි මට්ටමට අලුත්වැඩියා කරල මෙසේ භාර දෙනවා.

මේ වෙලාවෙදි මං කියන්න ඕනේ මේ වාහනේ රෝහලේ තියන තාක්කල් එහි සියලුම අලුත්වැඩියා කටයුතු මගේ වියදමින් සිදු කර දෙන බවට මෙහිදී පොරොන්දු වෙනවා. මීට අමතරව රෝහලේ අනිත් වාහන වලත් යමි අලුත්වැඩියාවක් තියෙනවානම් ඒවත් නොමිලේ කරල දෙන්න මට පුලුවන්. හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා.

රෝහලේ යම් අලුත්වැඩියාවක් සඳහා රුපියල් මිලියනයකට වැඩිය වැයවන ව්‍යාපෘති සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතියක් ලබාගත යුතුයි. එවන් අනුමැතියක් අපේක්ෂාවෙන් තිබුණු ගිලන් රථයක් තමයි තක්ෂිලා ඉන්ජිනියර්ස් ආයතනයේ අධිපතිතුමා සති දෙකක් වැනි කෙටි කාලයකදී රුපියල් ලක්ෂ 10 අධික මුදලක් වැය කොට සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට රෝහලට භාර දුන්නේ.

මේ පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයේ සහ හෝමාගම ජනතාවගේ ස්තුතිය පුද කරනවා යැයි පැවසීය.

No comments

Ads Place