Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල්ට දිගටම සහාය දියයුතු යැයි බැසිල් පොහොට්ටු මන්ත්‍රීන්ට දන්වයි!

  තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ පමණින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව බැසිල් රාජපක්‍ෂ මහතා පොදුජන පෙ...

 


තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ පමණින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව බැසිල් රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ.

බැසිල් රාජපක්‍ෂ මහතා සහ පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර පසුගිය දා පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ මහතා අදහස් ප්‍රකාශ කර ඇති අතර, මෙහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පවසා ඇත්තේ තම මතවලට එකඟව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු නොකරනවා නම් ඔහුට සහය දීමෙන් පලක් නොවන බවය.

පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයන්ට මෙතෙක් ඇමති ධූර නොලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් තම අදහස් ප්‍රකාශ කර තිබේ.

ඇමති ධූර නොලැබුණු පමණින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීම පොදුජන පෙරමුණු පක්‍ෂයේ මතයට කරන හානියක් බව ද තම පක්‍ෂයට ලැබුණු 69 ලක්‍ෂයේ ජනවරමට අනුව කටයුතු කරන නිසා ජනාධිපතිවරයාට දිගටම සහයෝගය දිය යුතු බවද බැසිල් රාජපක්‍ෂ මෙහි දී පවසා ඇතැයි වාර්තා වේ.

No comments

Ads Place