Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුසු ආවාස ගෙවල් නොමැතිකම හේතුවෙන් පන්සල් අසූහතරක භික්ෂුන් නැහැ..

දිවයින පුරා පිහිටි විහාරස්ථාන අසූ හතරක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුස...



දිවයින පුරා පිහිටි විහාරස්ථාන අසූ හතරක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුසු ආවාස ගෙවල් නොමැතිකම, මාර්ග අපහසුතා, විහාරස්ථාන ගරා වැටීම, සංඝ පරම්පරාවල අභ්‍යන්තර ගැටලු, නීතිමය ගැටලු, යටිතල පහසුකම් හිඟය මෙම හේතු අතර වෙයි.

රජ මහා විහාර පිළිබඳව විධිමත් තොරතුරු පවත්වාගෙන නොයන බවද බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කියයි. එම දෙපාර්තමේන්තුව සංඛ්‍යා ලේඛන අනුව රටපුරා ඇති විහාරස්ථාන ගණන දොළොස් දහස් අටසිය හතකි. මේවායේ 20354ක් මහා සංඝරත්නයද සාමනේර හිමිවරුන් 22768ක් වැඩ සිටින බවද දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ විහාරස්ථාන 70ක් සහ නැගෙනහිර පළාතේ විහාරස්ථාන 411ක් පවතින අතර පසුගිය වසර පහේදී ඉදි කරන ලද විහාරස්ථාන පිළිබඳවද දත්ත පවත්වාගෙන නොයන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර උතුරු නැගෙනහිර පළාත්වල පවත්වාගෙන ගිය දැනට රටට අහිමිවී තිබෙන විහාරස්ථාන පිළිබඳවද දත්ත පවත්වාගෙන නොයන අතර මෙම පළාත්වල විහාරස්ථානවල මහා සංඝරත්නයට වැඩ වාසය කිරීමට ප්‍රමාණවත් පහසුකම් හිඟය බලපා තිබේ.

No comments

Ads Place