Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ තරු හෝටලයකදී කෝටිපතියා තරුණියක දූෂණය කරලා

  කොළඹ තරු පහේ හෝටලයකදී 48 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු තමා යටතේ සේවය කළ 35 හැවිරිදි තරුණ සේවිකාව බරපතළ අයුරින් දූෂණය කර තිබෙන බව අධිකරණ ව...

 



කොළඹ තරු පහේ හෝටලයකදී 48 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු තමා යටතේ සේවය කළ 35 හැවිරිදි තරුණ සේවිකාව බරපතළ අයුරින් දූෂණය කර තිබෙන බව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් අනාවරණය වූයේ යැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව කොළඹ කිරුලපන ප්‍රදේශයේ ශිෂ්‍ය වීසා මත තරුණ තරුණයන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරික අරුණ ප්‍රියංකර නමැති සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

දූෂණයට ලක්වූ බව කියන තරුණිය පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සිය ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි ප්‍රධානතම තරු පහේ හෝටලයක පැවැත්වෙන බැවින් ඊට සහභාගි වන ලෙස සැකකාර කෝටිපති ව්‍යපාරිකයා තරුණියට දැනුම් දී ඇතැයි පොලිසිය දන්වා සිටියේය.

ඒ අනුව සැකකරු එම හෝටලයේ රැස්වීම් ශාලාවක් කල්තියා වෙන් කරගෙන තිබී ඇති අතර, තරුණ සේවිකාව එම ශාලාවට ගිය අවස්ථාවේදී දොර වසා ඇති සැකකරු ඇයව දූෂණයට ලක් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා සමග පැමිණිලිකාරිය සිය කැමැත්තෙන් එම ස්ථානයට ගොස් සිටි බව දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහරින ලෙස නියෝග කළේය.

No comments

Ads Place