Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ඇති කිසිවෙකුට ‘ගෝඨා ගෝ හෝම්‘ කියා කිව නොහැකියි- සුනිල් වටගල

  අරගලයට පැහැදිලි දිශානතියක් හෝ නායකත්වයක් නොතිබූ බවත් අරගලය තේරූ සටන් පාඨ සම්පූර්ණයෙන්ම වැරැදි බවත් ජාතික ජන බලවේගයේ සාමාජික නීතිඥ සුනිල් ව...

 


අරගලයට පැහැදිලි දිශානතියක් හෝ නායකත්වයක් නොතිබූ බවත් අරගලය තේරූ සටන් පාඨ සම්පූර්ණයෙන්ම වැරැදි බවත් ජාතික ජන බලවේගයේ සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ඇති කිසිවෙකුට ‘ගෝඨා ගෝ හෝම්‘ කියා කිව නොහැකි බවද, පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි සටන් පාඨ ඉදිරිපත්කළ නොහැකි බවද ඔහු පවසයි.

ඡන්දයක් ලබා ගැනීමට කියා පැය විසි හතරේම පාරට බැස සිටිය නොහැකි බවද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ලබාදෙන දිනය තෙක් බලාසිටිනවා හැර වෙන කළ හැකි දෙයක් නොමැති බවද ඒ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සිරස නාලිකාවේ විකාශය වූ සටන වැඩසටහන හා එක්වෙමිනි.

No comments

Ads Place