ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට රජය විසින් වරප්‍රසාද ලබාදීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබාදී ඇති වරප්‍රසාද සියල්ල කපා හැරීමට...
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට රජය විසින් වරප්‍රසාද ලබාදීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබාදී ඇති වරප්‍රසාද සියල්ල කපා හැරීමට රජය තීරණය කර ඇත.
විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් හා ඒ සඳහා ඉන්ධන, පෞද්ගලික ලේකම් වරයෙක් සඳහා වන වෙිතන පමණක් හිටපු ජනාධිපතිවරයකුට ජනාධිපති වරප්‍රසාද පනතට අනුව හිමිවෙයි.
එහෙත් තවදුරටත් ජල බිල්පත්, විදුලි බිල්පත් ඇතුළු තවත් ගෙවීම් බොහොමයක් රටේ පසුගිය වසරවල හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට ඇතුළත් කර ඇත.
මෙරට හිටපු ජනාධිපතිවරුන්ගේ එම වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන ලෙස රජයට උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට තවදුරටත් වරප්‍රසාද ලබාදීමේදී මින් ඉදිරියට ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ඇති සියලුම ගෙවීම් ඇතුළු දෑ කපා හැරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
No comments