Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිතුමා රටේ ජනතාවට බොරු සිහින නොදිය යුතුයි - කාදිනල්

  රටේ සිටින වත්මන් පාලකයින් ආර්ථික වශයෙන් රට පරිහානියට පත්කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (02) පූජාවකට...



 රටේ සිටින වත්මන් පාලකයින් ආර්ථික වශයෙන් රට පරිහානියට පත්කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (02) පූජාවකට එක් වෙමින් පවසයි.

කොළඹ වරාය දික්ඕවිට දක්වා දික්කරන්නේ යැයි ජනාධිපතිතුමා සදහන් කළද ඒවා කළ නොහැකි සිහින පමණක් බවද මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් පවසයි.

රටේ පාලකයන්ගේ ඉලක්කය සමස්ත පමුණුගම තීරයම පිටරටින්ට විකුණලා ඒවායෙන් කාලා බීලා ජොලි කර ඔවුන් මැරීගිය පසුව රටේ මිනිසුන්ට රොඩු පමණක් ඉතිරි වන බවද මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් පවසයි.

තවදුරටත් මෙහෙම ගියොත් එළඹෙන 2048 ක් වන විට රට විනාශ වන බවත් ජනාධිපතිතුමා රටේ ජනතාවට බොරු සිහින නොදිය යුතු බවද මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් පවසයි.

මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් තවදුරටත් සදහන් කළේ,

“අපේ රට හිඟාකන තත්ත්වයට පත්කරන නායකයෝ පිරිසක් තමයි අද මේ රටට පත්වෙලා ඉන්නේ. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා කොළඹ වරාය දිගු කරනවාලු දික්ඕවිට. මොනවද මේ සිහින.? මේවා කරන්න පුළුවන් දේවල්ද.? අපේ දැන් තියෙන වරායවත් ඒ අයට පාලනය කරගන්න බැරුව එක එක රටවලට දෙනවා. 

ඉලක්කයට මේ මුළු පමුණුගම තීරයම. මේවගෙන් මුදල් හම්බකරලා කාල බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ අය මැරිලා යයි. රටේ මිනිස්සුන්ය රොඩු විතරයි ඉතුරුවෙන්නේ මේ ක්‍රමවේදය තුළ. 2048ක් එන්නේ නැහැ. 2048 එන්න කලින් මෙහෙම ගියොත්නම් විනාශ වෙනවා.”

No comments

Ads Place