Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‍ තර්ජනවලින් පසු පාකිස්තාන කතෝලික පල්ලිය ආරක්ෂාව ඉල්ලයි

  ස්ටොක්හෝම් හි පසුගියදා සිදුවූ අල් කුර්ආනය ගිනි තැබීමේ සිද්ධියත් සමග තහනම් ඉස්ලාමීය කණ්ඩායමක් විසින් දියත් කරන ලද තර්ජනවලින් පසු, පකිස්ථානය...

 


ස්ටොක්හෝම් හි පසුගියදා සිදුවූ අල් කුර්ආනය ගිනි තැබීමේ සිද්ධියත් සමග තහනම් ඉස්ලාමීය කණ්ඩායමක් විසින් දියත් කරන ලද තර්ජනවලින් පසු, පකිස්ථානයේ කතෝලික පල්ලියේ නායකයන් බලධාරීන්ගෙන් ආරක්ෂාව ඉල්ලා තිබේ.


ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර ඇත්තේ, සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන ලෂ්කාර්-ඊ-ජාන්ග්වි විසින් කිතුනුවන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින්, පාකිස්තානය කිතුණුවන්ට අපායක් කරන බවට සිදුකර ඇති තර්ජනාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් පාකිස්තාන රදගුරු සම්මේලනය යුක්තිය සහ සාමය සඳහා වූ ජාතික කොමිසම දැනුවත් කර ඇති බවයි.


රදගුරු කොමිසමේ විධායක අධ්‍යක්ෂ නයීම් යූසුෆ් ගිල් පැවසුවේ, ස්වීඩනයේ අල් කුර්ආනය කෙලෙසීම පාකිස්තාන කතෝලික පල්ලිය හෙළා දකින බවයි.


 "ආගමික සුළුතරයක් ලෙස අපි සහෝදරත්වයෙන් සහ සාමයෙන් ජීවත් වන අතර සෑම විටම බහුතරයට සහයෝගය දක්වමු. සංවේදී නීති උල්ලංඝනය කිරීම අපට සිතාගත නොහැකිය," ඔහු පැවසීය.


මේ අතර, ෆයිසලාබාද් රදගුරු පදවියේ අධ්‍යක්ෂ කාලිඩ් රෂීඩ් අසි පියතුමා, කිතුනුවන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන දිස්ත්‍රික්කයේ මදීනා නගරයේ දී පොලිස් නිලධාරීන් හමුවී තිබේ.


තම දේවස්ථාන, කන්‍යාරාම, පාසල් සහ අනෙකුත් දෙපාර්තමේන්තු වල ආරක්ෂාව සඳහා අදාළ පොලිස් ස්ථාන අමතන ලෙස ද ඔහු රදගුරු පදවියේ සියලුම පූජකවරුන්ගෙන් ඉල්ලා සිටියේය.


පසුගිය ජූනි 28 දා ස්ටොක්හෝම් හි දී, ඉරාකයේ උපන් ස්වීඩන් පුරවැසියෙක් කුරානයේ පිටු ඉරා ස්වීඩන් අගනුවර මහා පල්ලිය ඉදිරිපිට දී පුළුස්සා දැමීය. 


මෙම පුද්ගලයා වාර්ගික වෛරය පැතිරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සිද්ධිය මුස්ලිම් රටවල් කිහිපයක විරෝධතා මාලාවක් ආරම්භ වීමට හේතු වී ඇති අතර ස්වීඩන් පල්ලි කවුන්සිලය සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ද හෙළා දැක ඇත.

No comments

Ads Place