Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හමුවී ඇති ගල් විශේෂයක් ගැන හොයන්න නාසා එකෙන් ලංකාවට ඇවිත්!

  ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ගල් විශේෂයක් අඟහරු ග්‍රහලෝකයේ ඇති පාෂාණවලට සමාන බව කියැවීමත් සමග ඒ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සඳහා නාසා ආයතනයේ වි...

 



ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ගල් විශේෂයක් අඟහරු ග්‍රහලෝකයේ ඇති පාෂාණවලට සමාන බව කියැවීමත් සමග ඒ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සඳහා නාසා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ.

මෙම විශේෂඥ කණ්ඩායම නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු මෙන්ම වන ශ්‍රී ලාංකිකයකුද වන සුනිති කරුණාතිලක විසින් මෙහෙයවනු ලබයි.

ඔවුන් ප්‍රථමයෙන් ගිනිගල්පැලැස්ස සහ ඉඳිකොළපැලැස්ස යන ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වන අතර අනතුරුව දිවයිනේ දකුණු පළාතේ උස්සන්ගොඩ ප්‍රදේශයට යෑමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සුනිති කරුණාතිලක පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණ අනුව අඟහරු ග්‍රහයා මත ඇති ඇතැම් පාෂාණ හා පස්වලට මෙම දූපත සැලකිය යුතු සමානකම් ඇති බව පෙන්නුම් කරනු ලබයි.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපුගොල්ලේ ආනන්දකිත්ති හිමියන් පෙන්වාදෙන්නේ මෙම ප්‍රදේශවලින් විශේෂයෙන් හඳුනාගත් පාෂාණ වර්ග දෙකක් ඇති බවයි. ඒවායින් එකක් නිල් කිරිගරුඬ වන අතර අනෙක චන්ද්‍රකාන්ත වේ.

No comments

Ads Place