Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිලන්තට සහ දේශබන්දුට කතෝලික ජනතාව අතර දැඩි කලකිරීමක්..ඒක නිසා පොලිස්පතිකම ගැන සලකා බැලීමක් නොකරන්න - කාදිනල්

  හිස්වන පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කිසිදු සලකා බැලීමක් නොකරන ...


 හිස්වන පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කිසිදු සලකා බැලීමක් නොකරන ලෙස කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සදහන් කරයි.

ලංකාවේ සිදුවු මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ඔවුන් අසමත් වීම හේතුවෙන් රටේ කතෝලික ප්‍රජාව තුළ ඔවුන් කෙරෙහි දැඩි කලකිරීමක් පවතින බවද කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

එම කාලය තුළ බුද්ධි අංශය ප්‍රධානී ලෙස නිලන්ත ජයවර්ධනට මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බවද කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අදාල තොරතුරු දැනගත් පසු ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන පණිවුඩකරුවකු ලෙස කටයුතු කර ඇති බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වාර්තා අනුව අනාවරණය වී ඇතැයිද මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

No comments

Ads Place