Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුද බිමේ දස්කම් පෑ මේජර් මනීෂා වික්‍රමසිංහ පැවිදි දිවියට පිවිසෙයි!

  ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා...

 


ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් ඊයේ (27) සසුන්ගත වූවාය. 

බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්ති රතන, ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යයත්වයෙන් යුතුව ඇය සසුන්ගත වූවාය.

ඇය තිස් පස් වන වියේ පසුවන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනියයි.

යුද හමුදාවේ රාජකාරි කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් ඇය බිමට පැන ඇති බව වාර්තා වේ.

එංගලන්තය, ජර්මනිය සහ දෝහාකටාර්වල පැවති ලෝක පැරිෂුට් තරගවලට ද සහභාගි වී ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ඇති ඇය, ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් හා අභිමානයක් ලබාදී ඇති නිලධාරිනියකි.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම දියණිය වන්නේ මනීෂාය. ඇයගේ සහෝදරයෙක්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ලෙස සේවය කරයි.

ගාල්ල, මඩකුඹුර ජාතික පාසලේ සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවියක වන ඇය, 2008 වසරේදී කැඩේට් නිලධාරිනියක ලෙස දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට ඇතුළත් වී නියමිත පුහුණුවීම් ලබා දෙවැනි ලුතිනන් නිලයට පත් වූවාය.

ඇය වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවති කාලයේ මුලතිව් පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේ ද රාජකාරි කළාය.

“අපේ ගෙදර තිබුණේ තනිකරම බෞද්ධ පරිසරයක්. මම පුරුද්දක් වශයෙන් කුඩා කාලයෙහි සිටම පන්සල් යනවා.ධර්ම දේශනාවලට සවන් දෙනවා. බුදු පිළිම වන්දනමාන කිරීම සහ බෝධි පූජා පැවැත්වීමට එහා ගිය ගැඹුරු දහමක් බුදු දහමේ තිබෙන බව මට කලක් යද්දී අවබෝධ වුණා. මම හැකි සෑම අවස්ථාවකම බුදු දහම ගැන ලියවුණු පොත්පත් කියෙව්වා. ඒ අනුව මනමාලියක් වීමේ සිහිනය අතහැර පැවිදි දිවියට ඇතුළත් වීමට තීරණය කළා’” යැයි ද ඇය පැවසුවාය.

ඕනෑම කෙනකුට ජීවිතයේ ඇතිවන ඕනෑම ගැටලුවකට ප්‍රශ්නයකට බුදු දහමේ විසඳුම් තිබෙන බව තමා අවබෝධ කරගත්තේ යැයි ද ඇය කීවාය.

No comments

Ads Place