Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැනඩා අගමැතිට ලංකාව දෙහිකපයි

  කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය 23වනදා කැනඩා අග...

 


කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය 23වනදා කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau විසින් සිදුකළ ප්‍රකාශයක අන්තර්ගත කරුණක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.


එමගින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් ගැන සඳහන් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය එකහෙළා ප්‍රතික්ෂේප කරන බවය.


එරට මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ අතීත ගැටුම් පිළිබඳව සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ වාර්ගික සංහිඳියාවට බාධාවක් බවද විදේශ අමාත්‍යාංශය පවසයි.


එසේම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රගතිය සංහිඳියාව ඇතිකිරීම සඳහා සහාය වන ලෙසටද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කැනඩාවෙන් ඉල්ලා සිටී.

No comments

Ads Place