Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆාම්තෙල් කලවම් කළ පොල්තෙල් යළි වෙ‌ළෙඳපොළට

  ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑමයකට රුපියල් විසිපහ බැගින් පනවන ලද බද්ද හේතුවෙන් ෆාම්තෙල් කලවම් කරන ලද පොල්තෙල් යළි වෙළඳපොළට අලෙවි කිරීමේ සූදානම...

 


ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑමයකට රුපියල් විසිපහ බැගින් පනවන ලද බද්ද හේතුවෙන් ෆාම්තෙල් කලවම් කරන ලද පොල්තෙල් යළි වෙළඳපොළට අලෙවි කිරීමේ සූදානමක් ඇති බව පොල්තෙල් නිෂ්පාදකයෝ සහ අපනයනකරුවෝ පවසති.

මෙම බද්ද නිසා පොල්තෙල් මිල ඉහල යන අතර පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් වාර්ෂිකව ලැබෙන අපනයන ආදායම වන ඩොලර් මිලියන 700 අධික මුදලටද බලපෑම් එල්ල විය හැකි බව අපනයනකරුවෝ පෙන්වා දෙති.

පොල්තෙල් සඳහා පනවා ඇති තීරු බදු ප්‍රමාණය වැඩි වී ෆාම් ඔයිල් සඳහා පනවා ඇති තීරු බදු ප්‍රමාණය අඩු වූ සෑම අවස්ථාවකම කූට ව්‍යාපාරිකයන් විසින් පොල්තෙල් සඳහා ෆාම් ඔයිල් කලවම් කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ ඊයේ (24දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

එම ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේ පැනවූ බද්ද ඉවත් කිරීමට නොහැකි නම් ෆාම්තෙල් සඳහා වන තීරු බද්ද රුපියල් විසිපහකින් වැඩි කරන ලෙසය.

බදු පැනවීමේදී අපනයනකරුවන් හෝ ආනයනකරුවන් සමග සාකච්ඡා කර නොමැති අතර මෙම තීරණයෙන් පොල්තෙල් කර්මාන්තයේ නිරත ඍජු සහ වක්‍ර රැකියාලාභීන් දැඩි අසීරුතාවට පත්ව තිබේ.

කෙසේ වෙතත් 2019 වසරේ පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව වාර්ෂික පොල් අවශ්‍යතාවය ගෙඩි බිලියන 4.9කි.

ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.8ක් වන අතර මෙරට පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා පොල් ගෙඩි බිලියන 1.8ක් අවශ්‍ය වේ.

අපනයන ආශ්‍රිත නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.3ක් වුවද වාර්ෂික පොල් අස්වැන්න වන්නේ ගෙඩි බිලියන 3යි දශම 1කි.

ඒ අනුව වාර්ෂික පොල් හිඟය ගෙඩි බිලියන 1.8ක් වේ.

No comments

Ads Place