ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බව වාර්තා වේ. කෙසේ ව...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් කිසිදු ආයෝජකයකු මේ දක්වා ඉදිරිපත් වී නැති බවද වාර්තා වේ.
රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට සහ වෙනත් ආයතන වලට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක් පමණ වන බව වාර්තා වේ.
මේ වනවිට ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්යය මණ්ඩලයක් සහ කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් 500ක් පමණ සිටින බව වාර්තා වේ.
No comments