Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති රනිල් ජනාධිපතිවරණයට ලකලැහැස්ති වෙයි – අවශ්‍ය මුදල් ප්‍රමාණය වහාම දෙනුම් දෙන්නැයි මැතිවරණ කොමිසමට දන්වයි

  රජයේ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇති බවයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය ක...

 


රජයේ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇති බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි.

ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

No comments

Ads Place